තැපෑලේ වාහන 42ක් අතුරුදන් – ජාතික විගණන කාර්යාලය

තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් වෙයි
තැපැල්පති නමින් ලියාපදිංචි කෙරුණු වාහන 42ක් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ කිසිම තොරතුරක් නැති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වෙනවා.
තැපැල් දෙපාර්තමේන්තුවෙන් සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ගත් තොරතුරු සැසඳීමේදී මෙම වාහනවල අඩුව පිළිබඳ කරුණු අනාවරණය වී තිබෙනවා. මෙම වාහන වසර 30 – 50 අතර පැරැණි ඒවා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා පවසනවා.