අනුරාධපුර වැව් 07ක් ප්‍රතිසංස්කරණය කරයි

අනුරාධපුර වැව් 07ක් ප්‍රතිසංස්කරණය කරයි

අනුරාධපුර වැව් 07ක් ප්‍රතිසංස්කරණය කරයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැව් 07ක ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් එහි ආරම්භය සිදු කෙරිණි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ගොවිජන සේවා බල ප්‍රදේශයේ විලේවැව ගම්මානයේ කුඩාවැව, මොරවැව ගම්මනායේ පිහිටි මහපලුගස්වැව වැව, කුඩාපලුගස්වැව වැව, මොරවැව මහ වැව, අලියාකඩ වැව යන වැව් හා කපුගොල්ලෑව ගොවිජන සේවා බල ප්‍රදේශයේ කුඩාඅඹගස්වැව ගම්මානයේ වැව හා ඇලපත්වැව ගම්මනායේ වැව මෙලෙස ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම සිදු වේ.

මේ සදහා රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වැය කෙරේ. ඒ අනුව එම වැව් වල සොරොව් අලුත්වැඩියාව, ඇළ වේලී පද්ධති ප්‍රතිසංස්කරණය, වැව් බැම්ම ප්‍රතිසංස්කරණය, රළපනාවන්හී ජල කාන්දු වන ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම ආදී කටයුතු මෙහිදී සිදු කිරීමට නියමිතය.

එම වැව් යටතේ ක්‍රියාත්මක ගොවිසංවිධාන විසින් දුමින්ද දිසානායක මහතාට කළ ඉල්ලීම් අනුව කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රථිපාදන මත මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කෙරේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *