ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර කෘෂිකාර්මික ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ මොසරැල්ලා චීස් නිෂ්පාදනයට සහ ඔලිව් වගා කිරීමට ඇති හැකියාව සොයා බැලීම මෙහි අරමුණයි.
ඊට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදෙන ලෙස ඉතාලියේ කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් මෙරට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඉල්ලීමක් කර තිබුණා.

ඒ ඉතාලියේ පැවැත්වෙන ජගත් කෘෂිකර්ම සංවිධානයේ 19වන සැසිවාරයට සහභාගි වීමට ගිය අතරතුරයි.

දකුණු පළාතේ මී ගව පාලනය ආශ්‍රිතව මොසරැල්ලා චීස් නිෂ්පාදනය පහසුකම් ඇති බව අමාත්‍යවරයා පෙන්වා දී තිබෙනවා.

ඔලිව් වගාවට අවශ්‍ය දේශගුණයක් සහිත ප්‍රදේශද ශ්‍රී ලංකාව තුළ පවතින බැවින් ඒ සදහා සහාය වන්නේ නම් ඊට අවශ්‍ය සියලු පහසුකම් ලබාදෙන බවයි අමරවීර මහතා ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙසද ඉතාලි කෘෂිකර්ම අමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *