බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවතට; ඉන්දීය බිත්තර සතොසෙන් සහ සුපිරි වෙළෙඳසැල්වලින්

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් - බිත්තර වෙළෙඳ සංගමය
බිත්තර සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කළ බව වෙළෙද අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එය (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි වෙළෙද අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
මේ අතර ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර (25) සිට සතොස සහ සුපිරි වෙළෙඳසැල් හරහා අලෙවි කෙරෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.
ඒ අනුව බිත්තරයක් රුපියල් 35ක මුදලකට සහ අසුරන ලද බිත්තරයක් රුපියල් 40කට මුදලකට මිලදී ගත හැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.