මෙරට ළමයින් ඩිජිටල් සාක්ෂරතාව අතින් වැඩිහිටියන් අභිබවා යයි

මෙරට ළමයින් ඩිජිටල් සාක්ෂරතාව අතින් වැඩිහිටියන් අභිබවා යයි

මෙරට ළමයින් ඩිජිටල් සාක්ෂරතාව අතින් වැඩිහිටියන් අභිබවා යයි

ඩිජිටල් සාක්ෂරතාව අතින් මෙරට වැඩිහිටියන් අභිබවා ළමයින් ඉදිරියෙන් සිටින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසනවා.

2022 ජනවාරි සිට ජුනි දක්වා කරන ලද සමීක්ෂණයකිනුයි මෙම කරුණු හෙළිවුයේ.

වයස අවුරුදු 5ත් 14ත් අතර ළමයින්ගෙන් සියයට 39.3ක් අන්තර්ජාලය භාවිත කරන අය බව මෙම සමීක්ෂණයෙන් හෙලිව තිබෙනවා. එය වයස අවුරුදු 50ත් 69ත් අතර වැඩිහිටි ජනගහනයට වඩා වැඩි ප්‍රතිශතයක්.

වයස අවුරුදු 5ත් 9ත් අතර ළමයින්ගේ ඩිජිටල් සාක්ෂරතා ප්‍රතිශතය සියයට 43.6ක් වනවා. එය වයස අවුරුදු 50ත් 59ත් අතර වැඩිහිටියන්ගේ ප්‍රතිශතය වන සියයට 32.1 ඉක්මවායාමක්.

මේ අනුව ශ්‍රී ලංකාවේ ළමයින් වැඩිහිටියන්ට වඩා ඩිජිටල් සාක්ෂරතාවෙන් ඉහළ බවයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

විශේෂයෙන් වතු අංශයේ පරිගණක සාක්ෂරතාවට සාපේක්ෂව ඩිජිටල් සාක්ෂරතාව ඉතා ඉහළ මට්ටමක පවතින බවද සමීක්ෂණ වාර්තාවේ සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *