මෙරට දියේ ගිලීම් හේතුවෙන් දිනකට ජීවිත තුනක් අහිමි වේ

මෙරට දියේ ගිලීම් හේතුවෙන් දිනකට ජීවිත තුනක් අහිමි වේ

මෙරට දියේ ගිලීම් හේතුවෙන් දිනකට ජීවිත තුනක් අහිමි වේ

දියේ ගිලීම් හේතුවෙන් මෙරට තුළ දිනකට ජීවිත තුනක් අහිමි වන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකයේ අනතුරු වැළැක්වීම සහ කළමනාකරණ අංශ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසනවා.

එමෙන්ම සෑම පැය 08කට වරක් මෙරට කුමන හෝ ස්ථානයක දී දියේ ගිලීම් හේතුවෙන් ජීවිතයක් අහිමි වන බවයි (25) යෙදී ඇති ලෝක දියේ ගිලීම් වැළැක්වීමේ දිනයට සමගාමීව (24) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු කියා සිටියේ

මෙරටින් වාර්තා වන අනතුරුවලින් සියයට 10ක් එනම් 1000 – 1200ක් පමණ දියේ ගිලීම් හේතුවෙන් වාර්තා වන බව සඳහන්.

එමෙන්ම ලොව පුරා අවුරුදු 01ත් 10ත් අතර වයස් කාණ්ඩයේ මරණවලට ප්‍රධානතම හේතුව දියේ ගිලීම් වනවා.

කෙසේ වෙතත් මෙරට වැඩි වශයෙන් දියේ ගිලීම්වලට ගොදුරු වන්නේ අවුරුදු 20න් පසු සිටින තරුණ සහ වැඩිහිටි කණ්ඩායම බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍ය සමිත සිරිතුංග මහතා අවධාරණය පැවසුවේ.

ඒ අනුව ආර්ථිකයට වැඩි වශයෙන් දායකත්වය ලබාදෙන කණ්ඩායම අහිමි වීම විශාල ගැටලුවක් බවද ඔහු මෙහිදී පෙන්වා දුන්නා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *