උතුරු මුහුදේ දී මිලියන 28කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

උතුරු මුහුදේ දී මිලියන 28කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

උතුරු මුහුදේ දී මිලියන 28කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, කුඩඉරිප්පු මුහුදු ප්‍රදේශයේ (23) දින සවස් කාලයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 86 කට අධික තොගයක් (තෙත බර සහිත) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති බව නිවේදනය කර ඇත.

එහිදී, නාවික හමුදා මෙහෙයුම් හමුවේ ජාවාරම්කරුවන් විසින් ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව එම මුහුදු ප්‍රදේශයේ අතහැර දමා යන්නට ඇතැයි සැකකෙරෙන උර දෙකක් (02) තුල අසුරා තිබූ කේරළ ගංජා කිලෝ 86 ග්‍රෑම් 700ක පමණ තොගයක් (තෙත බර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

‍නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගයේ දළ වටිනාකම රුපියල් මිලියන 28 කට අධික වෙතැයි විශ්වාස කෙරෙන අතර, ඉදිරි පරීක්‍ෂණ කටයුතු සිදුකරන තෙක් එම කේරළ ගංජා තොගය නාවික හමුදා භාරයේ සුරක්ෂිතව තබා ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *