උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවෙන් නිර්දේශ කිපයක්

උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවෙන් නිර්දේශ කිපයක්

උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා වන විශේෂ තේරීම් කාරක සභාවෙන් නිර්දේශ කිපයක්

උසස් අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා පත්කරන ලද විශේෂ තේරීම් කාරක සභාව විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) අහෝසි කර, ඒ වෙනුවට ස්වාධීන “ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව” නව නීති සම්පාදනයක් මගින් පනවන ලෙස නිර්දේශ කර තිබෙනවා.

යෝජිත ජාතික උසස් අධ්‍යාපන කොමිෂන් සභාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පූර්ව අනුමැතිය ඇතිව ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සාමාජිකයින් 11 දෙනකුගෙන් සමන්විත විය යුතු බවට, එම කමිටුව නිර්දේශ කර ඇති බව තේරීම් කාරක සභාවේ සභාපති අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා.

එසේම කොමිෂන් සභාව රාජ්‍ය විශ්වවිද්‍යාල කමිටුවක්, රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල කමිටුවක්, වෘත්තීය අධ්‍යාපන ආයතන සහ තත්ත්ව සහතිකය පිළිබඳ අනුකමිටුවක් යන අනුකමිටු හතරකින් සමන්විත විය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරනවා.

රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ විශ්වවිද්‍යාල පිහිටුවීමටත්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරමින් මූල්‍ය, යහපාලනය, වගවීම සහ විනිවිදභාවය පිළිබඳ වගකීම පවරමින් පරිපාලන පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමටත් එහි දී තේරීම් කාරක සභාව නිර්දේශ කර තිබෙනවා.

මීට අමතරව අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10වන ශ්‍රේණියේදීත් අ.පො.ස උසස් පෙළ විභාගය 12වන ශ්‍රේණියේදීත් පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *