මහ නගර සභා හා ප්‍රාදේශීය සභා වලට අදාළ සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සමක්

සිසුවියක් දූෂණය කළ වරදට මරණ දඬුවම නියමවූවන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉවතට
මහ නගර සභා හා ප්‍රාදේශීය සභා වලට අදාළ සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා, ජනතා විමුක්ති පෙරමුණේ කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී අසිත නිරෝෂන් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
ජයන්ත කැටගොඩ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල මෙම කෙටුම්පත තුළින්/ විසුරුවා ඇති පළාත් පාලන ආයතන ආපසු කැදවීමට විෂය භාර අමාත්‍යවරයාට බලය පවරා දී ඇති බව පෙත්සමේ සඳහන් ය.
මෙය ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝණය කිරීමක් බව පෙත්සම්කරු පවසයි.
එබැවින් පනත් කෙටුම්පත සම්මත කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් හා ජනමත විචාරනයකින් එය අනුමත විය යුතු බවට තීන්දු කරන ලෙසට පෙත්සම්කරු ඉල්ලා සිටී.
මෙම කෙටුම්පත අභියෝගයට ලක්කරමින් දැනටමත් පෙත්සම් කීපයක්ම ගොනුකර ඇත.