පොලී අනුපාත අඩු කිරීමේ වාසිය ජනතාවට නොදුන්නොත් බැංකුවලට ඉලක්ක ලබා දීමට සිදු වේ – මහ බැංකු අධිපති

චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

චීන එක්සිම් බැංකුව හා ශ්‍රී ලංකාව ඇතිකරගත් එකඟතා පැරිස් ක්ලබ් සමාජිකයින් වෙත

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩු කිරීමේ වාසිය වෙළඳපොළට ලබා දීමට බැංකු කටයුතු කළ යුතු බවත් එසේ නොකළහොත් පොලී අනුපාත නියාමනය කිරීම සඳහා ක්‍රියා මාර්ග ගන්නා බවත් මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (06) පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

බැංකු පොලී අනුපාත යම් මට්ටමකට අඩු වුවත් තව දුරටත් අඩු විය යුතු බවත් ඒ සඳහා බැංකු වලට සහන කාලයක් හිමිවන බවත් මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේය.එම කාලය තුළදී බැංකු විසින් ප්‍රතිපත්ති පොලී අනුපාතිකය අඩුවීමේ වාසිය ජනතාව වෙත ලබා දෙමින් වෙළඳපොළ පොලී අනුපාත අඩු කරනු නොලැබුවහොත් 2018 වසරේ මෙන් බැංකුවලට ඉලක්ක ලබා දීමට සිදුවන බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.රන් උකස් ණය සහ ණය පත් පොලී අනුපාතද ඒ අනුව කාලානුරූපීව අඩු වනු ඇතැයි මහ බැංකුව පැවසුවේය.

ශ්‍රී ලංකා මහා බැංකුවේ මග පෙන්වීම යටතේ ණය පත් පොලී අනුපාතිකය 2% කින් බැංකු අඩු කළ බවද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය (05) පැවැත්වූ රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 200 කින් පහල දැමීමට තීරණය කළ අතර ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 12 දක්වාත් පහල දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ශ්‍රී ලංකා ආර්ථිකයේ වත්මන් වර්ධනයන් සහ අපේක්ෂිත වර්ධනයන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹී බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.එසේම මම මස අවසාන වන උද්ධමනය 7% දක්වාත් ඉන්පසුව මෙම වසරේ මැදි භාගය වන විට උද්ධමනය තවත් පහලට යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *