සූපවේද ව්‍යවසායකයින්ට අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක්

සූපවේද ව්‍යවසායකයින්ට අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක්

සූපවේද ව්‍යවසායකයින්ට අංග සම්පූර්ණ ආහාර නිෂ්පාදනාගාරයක්

මෙරට කෘෂි, ආහාරපාන සහ පෝෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Silk Route Ventures සමාගම සූපවේද ව්‍යවසායකයින් සහ ඇල්මක් දක්වන්නන්ට සිය නිර්මාණශීලී සූපවේදී අදහස් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම වෙනුවෙන් නව ආහාර නිෂ්පාදනාගාරයක් පසුගියදා ආරම්භ කළේය.

plug-and-play ප්‍රවේශයක් ලෙස ස්ථාපිත කෙරුණු මෙම නිෂ්පාදනාගාරය මඟින් කැමැති ඕනෑම අයෙකුට ප්‍රාග්ධන අවශ්‍යතාවකින් තොරව තම ආහාරපාන සන්නාමයක් බිහි කරගැනීමේ අවස්ථාව උදා වී තිබේ. ජාත්‍යන්තර මට්ටමේ වාණිජ මුළුතැන්ගෙයකින් සමන්විත මෙම ආහාර නිෂ්පාදනාගාරය මාතලේ හපුගස්යායේ පිහිටි Silk AgTech Park හි පිහිටා ඇත. ඒ තුළ, ආහාර සේදීම, පොතු ඉවත් කිරීම, කැපීම, ඇඹරීම, මිශ්‍ර කිරීම, පිරවුම් කිරීම, තාප පිරියම් මලු(retorting), ඉසිරුම් වියළනය (spray drying), ඇසුරුම්කරණය ඇතුළු බොහෝ පහසුකම් අන්තර්ගත වේ.

එහි නම්‍යශීලී නිෂ්පාදන ධාරිතාව නිසා අවම ඇණවුම් ප්‍රමාණයකින් නිෂ්පාදන ආරම්භ කිරීමටත්, අනතුරුව සන්නාමයේ සහ නිෂ්පාදනයේ වර්ධනයත් සමඟ ඇණවුම් වැඩි කිරීමේ හැකියාවත් පවතියි. තවත් විශේෂත්වයක් වන්නේ, ආහාර සම්බන්ධව පුළුල් පරීක්ෂණ සිදුකරන පර්යේෂණ සහ සංවර්ධන කණ්ඩායමක සේවයද මෙම නිෂ්පාදනාගාරය මඟින් ලබාගැනීමට හැකිවීම ය.

කර්මාන්ත ශාලාවේ තවත් විශේෂත්වයක් වන්නේ, GMP, HACCP, ISO 22000, FSSC22000, USDA Organic සහ EU Organic වැනි ජාත්‍යන්තර සහතික රැසක් හිමි කරගෙන තිබීමයි. ගුණාත්මකභාවය, තිරසරභාවය සහ පරිසර සංරක්ෂණය සම්බන්ධ කර්මාන්ත ආහාර යහපත් භාවිතයන් ආදිය වෙනුවෙන් මෙම ජාත්‍යන්තර සහතික හිමිව තිබේ.

ඉකුත් වසරේ මැද භාගයේදී ආරම්භ කෙරුණු මෙම කර්මාන්ත ශාලාව මඟින් එළිදැක්වුණු /සෞඛ්‍ය සම්පන්න නිර්මාංශික සහ සුවිශේෂී වීගන් පැටී (vegan patty) ඇතුළු ශාකමය නිෂ්පාදන මේ වනවිට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගනිමින් සිටියි. ඒ හරහා රටට විදේශ විනිමය උත්පාදනය කිරීමට මෙන්ම දේශීය ගොවි ප්‍රජාවට ජීවනෝපාය සැලසීමටද හැකිවී තිබේ. තවද, ගොවි ප්‍රජාවට පුහුණු අවස්ථා මඟින් විද්‍යාත්මක දැනුම බෙදාදීමටත්, Fair trade ප්‍රතිපත්ති අනුගමනය කිරීමටත් කටයුතු කෙරේ. ශ්‍රී ලංකාව තුළ ඕට්ස් පවුඩර් සහ සහල් නිෂ්පාදනය කරනු ලබන එකම කර්මාන්ත ශාලාව වන්නේද එයයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *