තායිලන්තයෙන් දෙහිවල සත්වෝද්‍යානයට කුරුල්ලන් තුන් දෙනෙක්

තායිලන්තයෙන් දෙහිවල සත්වෝද්‍යානයට කුරුල්ලන් තුන් දෙනෙක්
තායිලන්තය විසින් දෙහිවල සත්වෝද්‍යානය වෙත කුරුල්ලන් තුන් දෙනෙකු ලබා දී තිබෙනවා.
අදාළ සත්ත්වයන් කැසොවරි කුරුල්ලන් තුන්දෙනෙකු වන අතර (05) රාත්‍රියේ තායිලන්තයේ සිට දිවයිනට රැගෙන ආ බවයි පැවසෙන්නේ. ඒ අතර පිරිමි කැසොවරි කුරුල්ලන් දෙදෙනෙකු සහ එක් කිරිල්ලියක් සිටිනවා.
මෙම කුරුල්ලන්ට අහසේ පියාසර කිරීමේ හැකියාවක් නැහැ.
අදාළ සත්ත්වයන් මේ වනවිට දෙහිවල සත්වෝද්‍යානය තුළ නිරෝධායනයට ලක්වන බවයි එහි නිලධාරියෙකු සඳහන් කළේ.
තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර මේ ආකාරයට සත්ත්වයන් හුවමාරු කිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක්. එහි තවත් පියවරක් ලෙස මෙරටින් සත්ත්වයන් කිහිප දෙනෙකු තායිලන්තයට යැවීමට ශ්‍රී ලංකාව සූදානමින් පසුවන බව ද සඳහන්.