ගෝලීය උෂ්ණත්වයේ ඉහළම සාමාන්‍ය අගය වාර්තා වේ

ගෝලීය උෂ්ණත්වයේ ඉහළම සාමාන්‍ය අගය වාර්තා වේ

ගෝලීය උෂ්ණත්වයේ ඉහළම සාමාන්‍ය අගය වාර්තා වේ

ගෝලීය උෂ්ණත්වයේ ඉහළම සාමාන්‍ය අගය පසුගිය සඳුදා වාර්තා වූ බව ඇමෙරිකාවේ විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

පසුගිය සඳුදා දිනයේදී ගෝලීය උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සටහන් වූයේ සෙල්සියස් අංශක 17.01ක් ලෙසයි. එය නව වාර්තාවක්ද වනවා.

මීට පෙර 2016 වසරේ අගෝස්තු මාසයේ දී ගෝලීය උෂ්ණත්වයේ ඉහළම සාමාන්‍ය අගය වාර්තා වූ අතර එය සටහන් වූයේ සෙල්සියස් අංශක 16.92ක් ලෙසයි.

එල්නිනෝ තත්ත්වය හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට එකතුවන කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රතිශතය ඉහළ යාම හරහා මෙලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යන බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

මෙම වසරේ සිට ගොඩබිමේ හා සාගරයේ උෂ්ණත්වය ඉහළ යාම වෙන වෙනම නිරීක්ෂණය කිරීමට කටයුතු කරන බවයි පරිසර විද්‍යාඥයින් පවසන්නේ.

පසුගිය කාලයේදී ස්පාඤ්ඤය, චීනය ඇතුළු රටවල් රැසකින් උෂ්ණත්වයේ ඉහළම අගය වාර්තාවීමද විශේෂත්වයක්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *