සහන කාලය තුළ බදු මුදල නොගැව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක බලපත්‍රය අත්හිටුවීමට තීරණයක්

සහන කාලය තුළ බදු මුදල නොගැව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක බලපත්‍රය අත්හිටුවීමට තීරණයක්

සහන කාලය තුළ බදු මුදල නොගැව්වොත් මත්පැන් නිෂ්පාදන සමාගම් 9ක බලපත්‍රය අත්හිටුවීමට තීරණයක්

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් 9කට සුරාබදු දෙපාර්තමේන්තුව ලබා දී ඇති දින 14ක සහන කාලය තුළ රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදල ගෙවීමට අපොහොසත් වුවහොත් බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

පසුගිය සතියේ සිට මෙම දින 14 කාලය ක්‍රියාත්මක වේ.

මෙවැනි දැවැන්ත හිඟ මුදලක් කෙටි කාලයක් තුළදී අය කර ගැනීම සඳහා මේ හැර වෙන විකල්පයක් නොමැති බවත් මෙය යථාර්තවාදී නොවන බවට ඇතැමකුට තර්ක කළ හැකි බවත් සුරා බදු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

සුරාබදු දෙපාර්තමේන්තුවට එම මුදල අය නොකර ගැනීම සම්බන්ධයෙන් එල්ල වන විවේචන හමුවේ මෙම තීරණය ගත් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

රුපියල් බිලියන 6.2ක හිඟ බදු මුදලින් රුපියල් බිලියන 2.5ක මුදලක් හිඟ බදු මුදල් බවත් ඉතිරි රුපියල් බිලියන 3.8ක මුදල ඒ සඳහා ප්‍රමාද ගාස්තු බවත් සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.

ප්‍රධාන සමාගම් 9 ගෙවීමට ඇති මෙම හිඟ බදු මුදල් සහ ප්‍රමාද ගාස්තු 1997 වසර දක්වා වසර 26ක කාලයක් දිව යන බවත් ඇතැම් සමාගම් පසුගිය වසර කිහිපයක සිට බදු ගෙවීම පැහැර හැර ඇති බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *