සෑම රාජ්‍ය ආයතනයකටම ඩෙංගු කමිටුවක්
වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු මරණ 31ක්; රෝගීන් 51,000 ඉක්මවයි
ඩෙංගු මදුරුවන් බෝවීමේ අවදානම වැඩිම ස්ථාන ලෙස රාජ්‍ය ආයතන පරිශ්‍ර හඳුනාගෙන ඇති බැවින් සෑම රාජ්‍ය ආයතනයකම ඩෙංගු මර්දනය පිළිබඳ කටයුතු සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලෙස රාජ්‍ය පරිපාලන ලේකම් කේ.ඩී.එන්. රංජිත් අසෝක ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇත.
එම කමිටුවේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වාර්තාවක් සෑම රාජ්‍ය ආයතනයක් විසින්ම ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙත මාසිකව ලබාදීමටද කටයුතු කළ යුතු වේ.




