අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනමක්

අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනමක්

අර්ධ සුඛෝපභෝගී බස් බලපත්‍ර අහෝසි කිරීමට එරෙහිව අතුරු තහනමක්

අන්තර් පළාත් අර්ධ සුඛෝපභෝගී බස් රථ සඳහා නිකුත් කර තිබූ බලපත්‍ර 430ක් අහෝසි කිරීම වළක්වමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අන්තර් පළාත් පුද්ගලික බස් රථ සංගමය සහ එහි සාමාජිකයින් 28 දෙනෙකු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමකට අදාළව අතුරු නියෝගයක් නිකුත් කරමින් අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වෙයි. අදාළ පෙත්සම් පිළිබඳ විභාගය අගෝස්තු මස 28 වනදා පවත්වන බව දැනුම් දුන් අභියාචනාධිකරණය එදින ඒ පිළිබඳ කරුණු දක්වන ලෙස දන්වා  ජාතික ප්‍රවාහන කොමිසම, එහි සභාපතිවරයා, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන් තිස් තුන් දෙනෙකු වෙත නොතීසි නිකුත් කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *