ශ්‍රී ලංකාව, ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ත්‍රී පාර්ශ්වික සන්ධානයක් පිහිටුවා ගනී

ශ්‍රී ලංකාව, ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ත්‍රී පාර්ශ්වික සන්ධානයක් පිහිටුවා ගනී
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ 28වැනි සැසිවාරයට සූ දානම් වීම සඳහා ශ්‍රී ලංකාව ත්‍රී පාර්ශ්වික සන්ධානයකට එක් වී ඇත.
ඒ ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි. ඒ අනුව ඊජිප්තුව / ශ්‍රී ලංකාව / එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදාළ සැසිවාරයට සහභාගී වීමට සහයෝගයෙන් එක්ව කටයුතු කරනු ඇත.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස රාමුගත සම්මුතියේ 28වන සැසිවාරය හෙවත් කෝප් 28 සමුළුව ඩුබායි නගරයේ දී පැවැත්වීමටජනියමිත ය. ඒ ලබන නොවැම්බර් 30 වනදා සිට දෙසැම්බර් 12වනදා දක්වායි.
කෝප් 28 සඳහා ශ්‍රී ලංකාව / ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක්ව ත්‍රී පාර්ශ්වික සන්ධානයක් පිහිටුවා ගැනීම (20)වන දා පරිසර අමාත්‍යාංශයේදී එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියේ 28වැනි සැසිවාරයට සූ දානම් වීම සඳහා ශ්‍රී ලංකාව ත්‍රී පාර්ශ්වික සන්ධානයකට එක්වුණා.
ඒ ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟයි. ඒ අනුව ඊජිප්තුව / ශ්‍රී ලංකාව / එක්සත් අරාබි එමීර් රාජ්‍ය අදාළ සැසිවාරයට සහභාගී වීමට සහයෝගයෙන් එක්ව කටයුතු කරනු ඇති.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස රාමුගත සම්මුතියේ 28වන සැසිවාරය හෙවත් කෝප් 28 සමුළුව ඩුබායි නගරයේ දී පැවැත්වෙනවා. ඒ ලබන නොවැම්බර් 30 වනදා සිට දෙසැම්බර් 12වනදා දක්වායි.
කෝප් 28 සඳහා ශ්‍රී ලංකාව / ඊජිප්තුව හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය එක්ව ත්‍රී පාර්ශ්වික සන්ධානයක් පිහිටුවා ගැනීම (20)වන දා පරිසර අමාත්‍යාංශයේදී සිදු විය.
පරිසර අමාත්‍ය නසීර් අහමඩ් හා ශ්‍රී ලංකාවේ ඊජිප්තු හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපතිවරුන් ඊට එක්වූ අතර, එහිදී මේ පිළිබඳව ගිවිසුමකටද අත්සන් තබා ඇත.
කෝප් 28 සමුළුවට ශ්‍රී ලංකාව කල් ඇතිව සුදානම් වීම සඳහා අවශ්‍ය සහාය ලබා ගැනීම අරමුණ බවට අමාත්‍යවරයා එහි දී සඳහන් කර ඇත.