රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කාන්තාවක් අත්අඩංගුවට

කෝටි තුනක අයිස් සමඟ දෙකක් අත්අඩංගුවට

කෝටි තුනක අයිස් සමඟ දෙකක් අත්අඩංගුවට

රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා රු.2,675,000.00ක මුදලක් වංචාකළ කාන්තාවක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳාන ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි කාන්තාවක් වන සැකකාරියට එරෙහිව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලැබී තිබූ පැමිණිලිවලට පෙනී සිටීමට පැමිණි අවස්ථාවේදී එහි නිලධාරීන් විසින් (20) ඇයව අත්අඩංගුවට ගෙන තිබිණි.

එම කාන්තාව මීට පෙර විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහල කාන්තාවක් බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වූ බව සඳහන් වේ.

සැකකාරිය වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටී.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *