ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය ශ්‍රී ලංකාවෙන් දුරස් කරන යෝජනාවට එකඟ නැහැ

ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය ශ්‍රී ලංකාවෙන් දුරස් කරන යෝජනාවට එකඟ නැහැ

ජාත්‍යන්තර නාවික ගමන් මාර්ගය ශ්‍රී ලංකාවෙන් දුරස් කරන යෝජනාවට එකඟ නැහැ

ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් 15කින් දුරස් කරන්නැයි, ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය කරන ලද යෝජනාවට එකඟ නොවන බව ශ්‍රී ලංකා රජය එම සංවිධානයට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයෙන් ඉල්ලා ඇත්තේ ලබන මාසයේ පැවැත්වෙන එම සංවිධානයේ 80 වෙනි සැසිවාරයේ න්‍යාය පත්‍රයෙන් මෙම යෝජනාව පිළිබඳ සාකච්ඡාව ඉවත්කරන ලෙසයි. ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයේ 80වෙනි සැසිවාරය ලබන මස 03 වෙනිදා සිට 07 වැනිදා දක්වා එක්සත් රාජධානියේදී පැවැත්වීමට නියමිතයි.

එහිදී එම සංවිධානයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ කමිටුවේදී ජාත්‍යන්තර නාවුක ගමනාගමන මාර්ගය ශ්‍රී ලංකාවෙන් දුරස් කිරීමට කෙරෙන යෝජනාව සාකච්ඡාවට ගැනීමට නියමිතව තිබේ. ශ්‍රී ලංකාවෙන්ද විශේෂ කණ්ඩායමක් ඒ සඳහා සහභාගීවීමට නියමිතව තිබිණ.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය ගෙන එන මෙම යෝජනාවට තල්මසුන් පිළිබඳ ජාත්‍යන්තර කොමිසම, නෞකා ගමනය පිළිබඳ ජාත්‍යන්තර මණ්ඩලය, නැව් හිමිකරුවන් නියෝජනය කරන බිම්කෝ සංවිධානයද සමඅනුග්‍රහය දක්වයි.

මීට අමතරව නිදහස් තෙල් ප්‍රවාහන නෞකා හිමිකරුවන්ගේ ජාත්‍යන්තර සංවිධානය ඇතුළු සංවිධාන 8ක්ද සම අනුග්‍රහය දක්වන සංවිධාන අතරට අයත්ය.

යෝජනාවට පදනම්වී තිබුණ්, දකුණු මුහුදු තීරයේදී නිල් තල් මසුන් හා කුඩා ධීවර යාත්‍රාවල ගැටෙන බවට ජාත්‍යන්තර පරිසර සංවිධාන කිහිපයක් ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානයට ඉදිරිපත් කළ අධ්‍යයන වාර්තාවකි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා රජය තමන් මෙම යෝජනාව සම්බන්ධයෙන් දැඩි සැලකිල්ලක් යොමුකළ බවත් ඊට එකඟ වීමට නොහැකි බවත් එම සංවිධානයට නිල වශයෙන් දැනුම්දී තිබේ.

අප කළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කෙළ්, එම යෝජනාව ක්‍රියාත්මක නොකරන ලෙස තම අමාත්‍යාංශය ඉල්ලීමක් කළ බවයි.

අදාළ කරුණු සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා සහ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කළ බව ද විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අලි සබ්රි මහතා පැවසුවේ, ඒ අනුව පසුගිය 09වෙනිදා සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පැවැත්වූ බවයි.

‘Sea of Sri Lanka’, ශ්‍රී ලංකා මුහුද පිහිටා ඇත්තේ ලොව ප්‍රධාන නාවික ගමනා ගමන මාර්ගයක කේන්ද්‍රස්ථානයේයි.
විශාලතම නාවික ගමනාගමන මාර්ගයක් වන නැගෙනහිර හා බටහිර නාවික මාර්ගය වැටී ඇත්තේ දෙවුන්දරට නාවික සැතපුම් 12ක් තරම් සමීපයෙනි.

දළ වශයෙන් මේ නාවික මාර්ගයේ අපේ රටට සමීපව වෙළෙඳ නෞකා පමණක් වර්ෂයකට හතළිස් දහසකට අධික ප්‍රමාණයක් යාත්‍රා කරයි.

ජාත්‍යන්තර සමුද්‍රීය සංවිධානය හෙවත් IMO නව යෝජනාව වී ඇත්තේ දෙවුන්දර තුඩුවේ සිට නාවික සැතපුම් පහෙළාවකින් ඔබ්බම මෙම ගමන් මාර්ගය ස්ථාපිත කළ යුතු බවයි.

එසේ වුවහොත් කොළඹ වරායේ සිට නාවික සැතපුම් 76ක් දක්වාත් ගාලු වරායේ සිට නාවිත සැතපුම් 21.6ක් දක්වාත් හම්බන්තොට වරායේ සිට නාවික සැතපුම් 26.9ක් දක්වාත් නව ජාත්‍යන්තර නාවික මාර්ගය දුරස් වනු ඇති.

මේ අතර ලොව ප්‍රධාන නෞකා සමාගමක් වන මෙඩිටර්රේනියන් ෂිපින් කම්පැණි හෙවත් එම්එස්සී සමාගම දැනටමත් මෙම ප්‍රධාන මුහුදු මාර්ගයෙන් නාවික සැතපුම් 15 ක් ඔබ්බෙන් යාත්‍රා කිරීමට තීරණය කර තිබේ.

ඔවුන් සෙසු සමාගම්වලින්ද ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වඩාත් දකුණු දෙසින් විකල්ප මාර්ග තම ගමනාගමන කටයුතු සඳහා භාවිත කරන ලෙසයි.

ප්‍රධාන ක්‍රියාකාරීන්ගේ උපදෙස් අනුව නාවික මාර්ගෝපදේශ වෙනස්කරමින් නිල් තල්මසුන් ආරක්ෂා කිරීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවද එම සමාගම පවසයි.

– newstfirst

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *