ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා ගැන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම්දීමක්

ජෝර්දානයේ ගෘහ ආශ්‍රිත රැකියා සඳහා යන කාන්තාවන්ට නව රක්ෂණාවරණයක්

ජෝර්දානයේ ගෘහ ආශ්‍රිත රැකියා සඳහා යන කාන්තාවන්ට නව රක්ෂණාවරණයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය (SLBFE) ඉදිකිරීම් අංශයේ විදේශ රැකියා සඳහා උනන්දුවක් දක්වන ඉංජිනේරුවන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සහ ප්‍රමාණ සමීක්ෂකයින් සඳහා දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

එමෙන්ම ඉදිකිරීම් අංශයට හිමිවන රැකියා අවස්ථා සුරක්ෂිත කර ගැනීමේ හැකියාව ගවේෂණය කරමින් සිටින බවද එම නිවේදනයේ සඳහන්.

මේ සම්බන්ධයෙන් උනන්දුව දක්වන පුද්ගලයින් හට සිය ජීව දත්ත (CV) ඉදිරිපත් කරන ලෙසද ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දී තිබෙනවා.

ජීව දත්ත (CV) ඉදිරිපත් කිරීමට පිවිසිය යුතු ලිපිනය පහතින්, https://services.slbfe.lk/jobbank/specialjobs?%22
මීට අමතරව සෞදි අරාබියේ ඉදිකිරීම් අංශයේ රැකියා ලබාදීමට පවත්වන ලද සමීක්ෂණය සඳහා දැනටමත් තොරතුරු ලබා දී ඇති පුද්ගලයින් මේ හරහා තොරතුරු ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවද සඳහන් වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *