ගෝලීය ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයක පවතිනවා – ලෝක බැංකුව

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩො. මි 150ක්

ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සුරක්ෂිතතාවය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවෙන් ඩො. මි 150ක්

ගෝලීය ආර්ථික වර්ධන වේගය මන්දගාමී වීම සම්බන්ධයෙන් ලෝක බැංකුව අනතුරු අඟවනවා.

ගෝලීය ආර්ථිකය අවිනිශ්චිත තත්ත්වයක පවතින බවයි මෙම වසරේ ආර්ථික වර්ධන වේගය ගැන නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව සඳහන් කරන්නේ.

මෙම වසරේ ගෝලීය දළ දේශිය නිෂ්පාදිතය 2.3%කින් ඉහළ යනු ඇති බවට ලෝක බැංකුව අනාවැකි පළ කරනවා.

පසුගිය වසරේ දී ගෝලීය දළ දේශිය නිෂ්පාදිතයේ වර්ධන වේගය 3.1%ක් ලෙසයි සටහන් වුයේ.

සංවර්ධිත රටවල ආර්ථික ප්‍රසාරණය 2022 වසරේ දී 2.6% සිට මෙම වසරේ දී 0.7% දක්වා පහත වැටෙනු ඇති බවත් ලබන වසරේ දී එය දුර්වල මට්ටමකට පත්වනු ඇති බවටත් ලෝක බැංකුව පුරෝකථනය කරනවා.

පසුගිය මාස 18ක කාලය තුළ දී පොලී අනුපාත වල ශීඝ්‍ර ඉහළ යාම ගෝලීය ආර්ථික වර්ධන වේගයේ මන්දගාමීත්වයට හේතු වී ඇති බවයි ලෝකු බැංකුව පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *