බන්ඩි පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්න – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

බන්ඩි පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්න - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

බන්ඩි පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්න - කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ගොයමෙහි පෝෂණය ඌණතා ඇති විය හැකි බැවින් මේ වනවිට බන්ඩි පොහොර යෙදිය යුතු මට්‌ටමේ පවතින ගොයමට බන්ඩි පොහොර හෙවත් MOP පොහොර අනිවාර්යයෙන්ම නියමිත පරිදි යෙදීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක් කරයි.

දැනට අවශ්‍ය තරම් MOP පොහොර ‌තොග රාජ්‍ය අංශයට අයත් පොහොර සමාගම් සතුව පවතී. නමුත් තවමත් බොහෝ ගොවීන් MOP පොහොර අවශ්‍ය පරිදි ලබා ගැනීමට කටයුතු කර නැත. මේ වනවිට දිනකට MOP පොහොර මෙට්‍රික් ටොන් 150ක් බැගින් අලෙවි වන අතර ඉදිරි දින කිහිපය තුළ එහි වර්ධනයක් සිදුවිය හැකි යැයි ලංකා පොහොර සමාගම හා කොළඹ කොමර්ෂල් පොහොර සමාගම අවධාරණය කරයි.

පසුගිය මහ කන්නයේ දී ගොවීන් විසින් MOP පොහොර පොහොර යොදා ඇත්තේ සියයට 06ක් තරම් සුලු ප්‍රමාණයකි. මෙම පොහොර නොයෙදීම නිසා පසුගිය මහ කන්නයේ ගොයම් කහවීමේ තත්ත්වයක්ද වාර්තා විය. එම තත්ත්වය කිසිසේත්ම රෝගී තත්ත්වයක් නොවන අතර MOP පොහොර නොයෙදීම නිසා ගොයමෙහි පෝෂණ තත්ත්වය ඌණවීමකි. MOP පොහොර යෙදීම නිර්දේශ කළ පසු බොහෝ ගොවීන්ට එම ගොයම කහවීමේ තත්ත්වය පාලනය කර ගත හැකි විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *