නව මහාධිකරණ විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ
පොලිස් නිළධාරියෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව මහාධිකරණ විනිසුරුවරුන් 04 දෙනෙකු පත් කර තිබේ.
ඒ, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරනගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන්.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කළ බවයි.




