නීති විරෝධිව ගෙනා රු. කෝටි 35කට ආසන්න කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට

බදු වංචා කරන ආයතන හා පුද්ගලයන් ප්‍රසිද්ධ කිරීමට රේගුවෙන් තීරණය
රුපියල් කෝටි 35කට ආසන්න වටිනාකමින් යුත් නීති විරෝධිව මෙරටට ගෙන එන ලද, කොටස් කළ සුඛෝපභෝගි මෝටර් රථ 03ක් ඇතුළු භාණ්ඩ තොගයක් රේගු භාරයට ගෙන තිබේ.
සැකසහිත බහලුමක් විවෘත කර පරීක්ෂා කිරීමේදී රේගු නිලධාරීන් විසින් (06) මෙම භාණ්ඩ තොගය සොයා ගෙන ඇත. වාහන අමතර කොටස් ලෙස බහාලුම මෙරටට රැගෙනවිත් ඇත්තේ, ඩුබායි රාජ්‍යයේ සිට බව, රේගුව ප්‍රකාශ කළේය.
අදාළ බහාලුමේ තිබී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ මහා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත සුවඳ විලවුන්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, විදේශීය මත්පැන්, ඔලිව් ඔයිල් හා විදේශීය දුම්වැටි තොගයක්ද, සොයා ගෙන ඇත. බහාලුම මෙරටට ගෙන්වා තිබුණේ, කොළඹ කොටුවේ චැතැම් විදියේ පිහිටි ආයතනයක නමටයි.
මෙමගින් රජයට අහිමීවීමට ගිය මුළු භාණ්ඩවල වටිනාකම රුපියල් කෝටි 22ක් පමණ වන බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.