Sinopec සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අත්සන් කරයි

Sinopec සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අත්සන් කරයි

Sinopec සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර ගිවිසුම අත්සන් කරයි

මෙරටට ඛනිජ තෙල් සැපයීම සඳහා Sinopec සමාගම ගිවිසුම් අත්සන් කර තිබේ.

කැබිනට් මණ්ඩලය පත් කළ විශේෂ කමිටුවේ නිර්දේශ අනුව චීනයේ සහ සිංගප්පූරුවේ මව් සමාගම් සමග ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සම්බන්ධයෙන් වන දීර්ඝ කාලීන කොන්ත්‍රාත්තුව සඳහා Sinopec සමාගම එලෙස ගිවිසුම් අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

සයිනොපෙක් සමාගම සහ විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශය අතර(22) අත්සන් කළ ගිවිසුම අනුව සයිනොපෙක් සමාගමට වසර 20ක කාලයක් සඳහා මේ දක්වා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හරහා මෙහෙයුම් කටයුතු සිදුකළ ඉන්ධන පිරවුම්හල් 150ක ක්‍රියාකාරීත්වය සහ නව ඉන්ධන පිරවුම්හල් 50ක් සඳහා ආයෝජනය කිරීමට අවසර හිමිවනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු දින 45ක් ඇතුළත සයිනොපෙක් සමාගම සහ එහි අනුබද්ධ සමාගම් ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *