විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කරයි

විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කරයි

විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය දීර්ඝ කරයි

විදෙස් රැකියා කරන ශ්‍රී ලාංකිකයින්ට පුර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබා දීමේ කාලය මෙම වසරේ සැප්තැම්බර් 15 දින දක්වා දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විදෙස් ශ්‍රමිකයින් එතෙරදී උපයන ආදායම් නීත්‍යානුකූල මාර්ග ඔස්සේ මෙරටට එවීම දිරි ගැන්වීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන බවයි මනුෂ නානායක්කාර අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

විද්‍යුත් වාහන ආනයනය කිරීම සඳහා විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 2022.05.01 දින සිට 2022.12.31 දින දක්වා කාල සීමාව තුළ ඔවුන් විසින් මෙරටට එවන ලද විදේශ විනිමය ප්‍රමාණය සලකා බැලීමට මීට පෙර තීරණයක් ගෙන තිබුණා.

නමුත් එම ශ්‍රමිකයින් විසින් අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනය කිරීමට එම කාල සීමාව තුළ එවන ලද විදේශ විනිමය ප්‍රමාණය ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වීමෙන් අනතුරුව එම කාල සීමාව 2023.09.15 දින දක්වා දීර්ඝ කිරීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා.

අදාල යෝජනාව පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවයි වාර්තාවන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *