කිතුණු දේවගැතිවරයෙකුගේ ප්‍රකාශයක් ගැන ජනාධිපති වහාම පරීක්ෂණයක් කර වාර්තාවක් ඉල්ලයි

ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණට දැනුම්දීමක්

ජෙරම් ප්‍රනාන්දු ගැන නීතිපතිගෙන් අභියාචනාධිකරණට දැනුම්දීමක්

දේවගැතිවරයෙකු ආගමික සංහිඳියාවට හානි වන අයුරින් ප්‍රකාශයක් කිරීම පිළිබඳ වහාම පරීක්ෂණයක් කර තමන්ට වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා වෙත එම නියෝගය ලබා දෙමින් ජනාධිපතිවරයා පවසා ඇත්තේ වගකීම් විරහිත හිතළු ප්‍රකාශ නිසා ආගමික ගැටුම් නිර්මාණය වී එය රටේ සංහිඳියාවට බලපෑමක් විය හැකි බවය.

ඒ අනුව දේවගැතිවරයා කළ ප්‍රකාශය පිළිබඳව ජනාධිපතිවරයා දුන් නියෝග පරිදි වහා පරීක්ෂණයක් අරඹන ලෙස සාගල රත්නායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇත.

ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයා විසින් සිදුකරන ලද ප්‍රකාශයකට අදාළ වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර එය රට තුළ මහත් ආන්දෝලනයට තුඩුදුනි.

ඔහු එහිදී කළ ප්‍රකාශවලින් බුදුන්වහන්සේට මෙන්ම තවත් ආගමික විශ්වාසයන්ට නිගරු වන බවට දැඩි දෝෂාරෝපණ එල්ල විය.

ජෙරම් ප්‍රනාන්දු නමැති කිතුණු දේවගැතිවරයාගේ මෙම ප්‍රකාශයට එරෙහිව නව භික්ෂු පෙරමුණ (15) කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

භික්ෂූන්වහන්සේ එමගින් ඉල්ලා සිටින්නේ වහාම ආගමික අරගලයක් ඇතිවීමට පෙර මෙම දේවගැතිවරයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.

බුදුදහම ප්‍රමුඛව අනෙකුත් ආගම්වලට එරෙහිව අපහාසාත්මක විවේචන කළ මෙම පුද්ගලයාට එරෙහිව නිතීය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *