ශ්‍රී ලාංකික සරණාගතයින් 10ක් ධනුෂ්කොඩි හරහා ඉන්දියාවට

ශ්‍රී ලාංකික සරණාගතයින් 10ක් ධනුෂ්කොඩි හරහා ඉන්දියාවට

ශ්‍රී ලාංකික සරණාගතයින් 10ක් ධනුෂ්කොඩි හරහා ඉන්දියාවට

ඉන්දියාවේ ධනුෂ්කොඩි අසල වැලි බැම්ම ආසන්නයෙන් ළමුන් හතර දෙනෙකු සහ කාන්තාවන් හතර දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් 10 දෙනෙකු සොයාගෙන තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2022 මාර්තු මාසයේ සිට ඉන්දියාවට පැමිණ ඇති මුළු ශ්‍රී ලංකික දෙමළ ජාතිකයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ලැබුණු තොරතුරක් මත වෙරළ පොලිසිය එම ස්ථානයට ගොස් ප්‍රදේශයේ ධීවරයන්ගේද සහය ඇතිව පිරිස ගොඩබිමට ගෙනවිත් තිබෙනවා. ඔවුන්ට ප්‍රථමාධාර ලබාදී විමර්ශනවලින් අනතුරුව මණ්ඩපම් සරණාගත කඳවුරේ ඔවුන්ට නවාතැන් ලබාදුන් බවයි ඉන්දීය මාධ්‍ය සඳහන් කරන්නේ.

ඔවුන් ශ්‍රී ලංකාවේ මුලතිව් ප්‍රදේශයේ සිට ඉන්දියාවට පැමිණ ඇත්තේ යහපත් ජීවිතයක් අපේක්ෂාවෙන් බව පොලිසිය විමර්ශනවලදී අනාවරණය කරගෙන තිබෙනවා. ඉන්දියාවට පැමිණීමට බෝට්ටු සඳහා ඔවුන් රුපියල් ලක්ෂ 1.5ක් ගෙවූ බව එම පිරිස දැනුම්දී තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *