ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරතවන ටිබෙට් බෞද්ධ නියෝජිත කණ්ඩායම

ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරතවන ටිබෙට් බෞද්ධ නියෝජිත කණ්ඩායම

ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරතවන ටිබෙට් බෞද්ධ නියෝජිත කණ්ඩායම

ටිබෙට් බෞද්ධ නියෝජිත කණ්ඩායමක් මේ දිනවල ශ්‍රී ලංකාවේ විශේෂ සංචාරයක නිරතව සිටිනවා.

මෙම ටිබෙට් බෞද්ධ භික්ෂූහු දින 15ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳීසිටිමින් දෙරටේ බෞද්ධ සම්ප්‍රදායන් හුවමාරු කරගැනීමේ කටයුත්තේ නිරත වීමට නියමිතයි.

මෙම පිරිස ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පසුගිය වසරේ ඉන්දියාවේ මුලිකත්වයෙන් ආරම්භ කෙරුණු ‘අන්තර්ජාතික භික්ෂු හුවමාරු වැඩසටහන’ යටතේයි.

පස් අවුරුදු පාලි සහ සංස්කෘත වැඩසටහනක් ලෙස එය ආරම්භ කෙරුණේ 2022 දෙසැම්බර් 26 වැනිදා බුද්ධගයාවේදී දලයි ලාමාතුමාගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙසයි. විවිධ බෞද්ධ සම්ප්‍රදායන් අතර සහජීවනය දිරිගැන්වීම සඳහා මානව සාරධර්ම ප්‍රවර්ධනය කිරීම සහ බෞද්ධ සම්ප්‍රදායන් හා පුරාණ ඉන්දියානු දැනුමේ වටිනාකම පිළිබඳ දැනුවත්භාවය පුනර්ජීවනය කිරීම මෙම වැඩසටහනේ මූළිකම අරමුණු ලෙස සැළකේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *