සමාජ හුදෙකලාවට මුහුණ පා සිටින අමෙරිකානුවන්

සමාජ හුදෙකලාවට මුහුණ පා සිටින අමෙරිකානුවන්

සමාජ හුදෙකලාවට මුහුණ පා සිටින අමෙරිකානුවන්

දිනකට දුම්වැටි 15ක් පානය කිරීම තරම් සෞඛ්‍යයට අනතුරුදායක තනිකමේ වසංගතයකට නොඑසේ නම් සමාජ හුදෙකලාවකට අමෙරිකාව මුහුණ පා සිටින බව එරට ඉහළ මට්ටමේ වෛද්‍ය සංගමයක ප්‍රධානියකු වන වෛද්‍ය විවේක් මූර්ති බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ. මේ වන විට මිලියන සංඛ්‍යාත අමෙරිකානුවන් පිරිසක් තනිකමේ වසංගතයට ගොදුරු වී සිටින බවත්, එය අධික තරබාරු කම හෝ මත්ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කිරීම තරම් බරපතළ මට්ටමක පවතින බවද හෙළි වී තිබේ.

අමෙරිකානු ජනතාව අතුරින් 50%ක්ම මේ තත්ත්වයට ලක්වී සිටින අතර, එම වෛද්‍ය ප්‍රධානියා වැඩිදුරටත් බීබීසී පුවත් සේවයට ප්‍රකාශ කර ඇත්තේ වසර 2017 අප්‍රේල් මාසයේදී ඔහුගේ පළමු නිල සේවා කාලය අවසන් වීමෙන් පසුව ඔහු ද මේ වසංගතයට ගොදුරු වූ බවකි. සමාජ හුදෙකලාව හේතුවෙන් දියවැඩියාව, ඩිමෙන්ෂියාව සහ හෘදයාබාධවලට ලක්වී එරට සිදුවන මරණ ගණනද 30% දක්වා ඉහළ ගොස් ඇතැයිද වාර්තා වේ.”

දියවැඩියාව, හෘදයාබාධ, නින්ද නොයාම සහ ඩිමෙන්ෂියාව ඇතුළු සෞඛ්‍ය තත්වයන් හරහා – තනිකම අකල් මරණ අවදානම 30% කින් පමණ වැඩි කරන බව වාර්තා වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *