වෙසක් පෝය වෙනුවෙන් සිරකරුවන් 988කට නිදහස


වෙසක් පෝය වෙනුවෙන් සිරකරුවන් 988 කට නිදහස
වෙසක් පෝය වෙනුවෙන් විශේෂ ජනාධිපති සමාව යටතේ සිරකරුවන් 988ක් නිදහස් කරන බවත් එයට සිරකරුවන් 982ක් සහ සිරකාරියන් 6ක් ඇතුළත් බවත් අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.
- (05)වැනි දා දිනට යෙදී ඇති වෙසක් පුර පසොළොස්වක පෝය දිනය වෙනුවෙන් මෙවර බන්ධනාගාරගත සිරකරුවන් සඳහා ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වන වගන්තිය ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව විශේෂ රාජ්‍ය සමාව පිරිනමා ඇති බවත් ඒ අනුව පහත සඳහන් නියමයන් හා කොන්දෙසි මත සිරකරුවන් සඳහා මෙම පොදු සමාව ප්‍රදානය කරන බවක් ඒකනායක මහතා කීය.
- බන්ධනාගාරගතව (05)වැනි දා දිනට සිර දඬුවම් විදින සිරකරුවන් හට බන්ධනාගාරය තුළ ගත කරන ලද වසරකට හෝ ඉන් කොටසකට දින 14ක සමාවක් දීම.
- දඩ මුදල් නොගෙවීම මත (05)වැනි දා දින වන විට බන්ධනාගාරගතව සිරදඬුවම් විදින සිරකරුවන්ගේ ගෙවමින් පවතින දඬුවමේ ශේෂය අහොසි කිරීම.
- දඩ දඬුවම්ද ඇතුලත්ව වසර 40ක් හෝ ඊට වැඩි සිරදඬුවම් නියම කර (05)වැනි දා දිනට එම දඬුවමේ වසර 20ක කාලයක් ගෙවා අවසන් කර ඇති සිරකරුවන්ගේ දඬුවමේ ඉදිරි ශේෂය අහෝසි කිරිම.
- එමෙන්ම ජීවිතාන්ත සිරදඬුවම් නියම වු සිරකරුවන් අතරින් අවුරුදු 18 හෝ ඊට අඩු වයසකදී ජීවිතාන්ත සිරදඬුවම නියමකර ඇති සිරකරුවනගේ සිර දඬුවම වසර 15කට අඩු කිරීම.
- මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් (05)වැනි දා දින වන විට පුණරුත්ථාපනයට යොමු කර ඇති සිරකරුවන්ගේ පුනරුත්ථාපන කාලයෙන් හරි අඩක් හෝ ඊට වැඩි කාලයක් ගෙවා අවසන් කර ඇති රැඳවියන්ගේ පුණරුත්ථාපන කාලයේ ඉදිරි ශේෂය 1999 අංක 46 දරණ පණත පරිදි ප්‍රජා විශෝධන නිලධාරීයෙකුගේ අධික්ෂණය යටතේ ගත කිරීමට යටතුව අහෝසි කිරිම සෙසු ආකාරය වේ.