යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබා ගැනීමේ කාලය දීර්ඝ කරයි

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන අදහස් ලබන මැයි මස 31වනදා දක්වා යොමු කිරීමේ හැකියාව පවතින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මහජනතාවට, සිවිල් සංවිධානවලට තම යෝජනා හා අදහස් යොමු කිරීමේ හැකියාව පවතින බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙන බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතෙහි සිදු කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් වන යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ හැකි බව සඳහන්.

එම යෝජනා හා අදහස් සැළකිල්ලට ගනිමින් නව පනත් කෙටුම්පත සකස් කිරීමට නියමිතව තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *