එළඹෙන ජූලි මාසයේදී යලිත් විදුලි බිල සංශෝධනයක්

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

ජූලි මස සිට යෝජිත විදුලිබිල සංශෝධනය

එළඹෙන ජූලි මාසයේදී විදුලි බිල සමාලෝචනය කර සංශෝධනය කරන බවට විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

රජයේ ප්‍රතිපත්ති සහ 2022 දෙසැම්බර් මාසයේදී ගත් කැබිනට් තීරණයකට අනුව අදාළ සංශෝධන සිදුකරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එම තීරණවලට අනුව පිරිවැය මත පදනම් වූ මිල සූත්‍රයක් හඳුන්වාදීමටත් සෑම වසරකම ජනවාරි මාසයේ සහ ජූලි මාසයේ සමාලෝචනය කර සංශෝධනය කිරීමටත් තීරණය කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *