මිගෙල් ඩයස් කැනැල් යළි කියුබා ජනාධිපති ධුරයට පත් වෙයි

0
මිගෙල් ඩයස් කැනැල් යළි කියුබා ජනාධිපති ධුරයට

මිගෙල් ඩයස් කැනැල් යළි කියුබා ජනාධිපති ධුරයට

කියුබා ජනාධිපති මිගෙල් ඩයස් කැනැල් යළි එම ධුරයට තෝරා පත්කර ගෙන තිබෙනවා.

කියුබා පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුව ජනාධිපති මිගෙල් ඩයස් කැනැල් යළි එම ධුරයට තෝරා පත්කර ගැනුනා. එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 462න් 459ක කැමැත්ත ඔහුට හිමිවුණා.

ඒ අනුව ඔහුට තවත් වසර 5ක කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට හැකියාව හිමි වනවා.

කියුබාව මුහුණ දී සිටින දැඩි ආර්ථික අර්බුදය හමුවේ දහස් ගණනක පිරිසක් රට හැර ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

නැවත වරක් ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ මිගෙල් ඩයස් කැනැල් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරනු ඇති බවට විශ්ලේෂකයින් මත පළ කරනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com