ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් ලොව ධනවත්ම නගරය බවට පත් වේ

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් ලොව ධනවත්ම නගරය බවට පත් වේ

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් ලොව ධනවත්ම නගරය බවට පත් වේ

ලොව ධනවත්ම නගරය බවට ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරය යළිත් වරක් පත්ව ඇත.

මිලියනපතියන් සංඛ්‍යාව සැලකිල්ලට ගනිමින් ලොව ධනවත්ම නගර ලැයිස්තුව සකස් කෙරෙන අතර 2023 වර්ෂයේ දී ද එහි පළමු තැනට යළිත් වරක් ඇමෙරිකාවේ නිව්යොර්ක් පත්ව ඇත. නිව්යෝර්ක් නගරයේ මිලියනපතියන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

එනම් මිලියනපතියන් 340,000ක් එම නගරයේ වෙසෙන අතර එහි බිලියනපතියන් සංඛ්‍යාව 58ක් බව සඳහන්ව ඇත.

ලොව ධනවත්ම නගර අතර දෙවන ස්ථානය මිලියනපතියන් 290,300ක් වෙසෙන ජපානයේ ටෝකියෝ නගරයටත් තෙවන ස්ථානය මිලියනපතියන් 285,000ක් වෙසෙන අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ බේ ප්‍රදේශයටත් හිමිව තිබේ.

ලොස් ඇන්ජලීස් සහ චිකාගෝ නගර ද ඇතුළත්ව අමෙරිකාවේ නගර 04ක් ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත්වීම විශේෂත්වයකි. චීනයේ බීජිං හා ෂැංහයි, ලන්ඩන්, සිංගප්පූරුව, හොංකොං සහ සිඩ්නි 2023 වසරේ ලොව ධනවත්ම නගර 10 අතරට ඇතුළත් සෙසු නගර වෙයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *