ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

ජපානය, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව, යුරෝපය හා මැදපෙරදිග රටවල රැකියා අවස්ථා රැසක් ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

ඒ අනුව ජපානයේ සාත්තු සේවක රැකියා, එංගලන්තය, කැනඩාව, ඔස්ට්‍රේලියාව වැනි රටවල හෝටල් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා, යුරෝපානු රටවලට සාත්තු සේවක රැකියා අවස්ථා, සවුදි අරාබියේ ඉදි කිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දැවැන්ත වශයෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විවෘත වී ඇත.

මෙම රැකියා ඉල්ලුමට අවශ්‍ය පරිදි ශ්‍රමිකයන් පුහුණු කිරීම උදෙසා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් (18) උදෑසන අත්සන් තැබිණි.

එහිදී කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පැවසුවේ මෙම රැකියා අවස්ථා සම්පූර්ණ කර ගැනීම සඳහා අවශ්‍ය පුහුණු ශ්‍රමිකයන් බිහි කරගත යුතු බවයි, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තීය පුහුණුව ලබා දීම සඳහා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ගිවිසුම්ගත වන බවත් හෙතෙම කීවේය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ලබා දෙන නිර්ණායකයන්ට අනුව, විදේශ රැකියා සඳහා අවශ්‍ය නිපුණතාවන් සහිත වෘත්තිකයන් පුහුණු කිරීම, ඔවුන්ට අවශ්‍ය ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය ලබා දීම සහ අනෙකුත් වෘත්තීය සහතික ලබා දීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය විසින් සිදු කරනු ලබයි. විදේශ රැකියා අවස්ථා ලබා දීමේදී වෘත්තීය පුහුණු අධිකාරියෙන් පුහුණුව ලැබූ ශ්‍රමිකයන්ට ප්‍රමුඛතාව ලබා දීමට නියමිතය.

මෙම අවබෝධතා ගිවිසුම අනුව වෘත්තීය පුහුණුව සඳහා සිසුන් ලියාපදිංචි කිරීම, ඔවුන්ට ප්‍රමිතිගත පුහුණුවක් ලබා දීම, ඔවුන්ගේ පුහුණුව නියාමනය කිරීම සහ සහතිකකරණය, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාර්ගෝපදේශයන්ට යටත්ව, සිදු කරනු ලබයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *