රජයේ ඔසුසල් 26ක අනවශ්‍ය වියදම් හේතුවෙන් රු. 53,000,000ක පාඩුවක්

රජයේ ඔසුසල් 26ක අනවශ්‍ය වියදම් හේතුවෙන් රු. 53,000,000ක පාඩුවක්

රජයේ ඔසුසල් 26ක අනවශ්‍ය වියදම් හේතුවෙන් රු. 53,000,000ක පාඩුවක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අයත් ඔසුසල් පනහෙන් 26ක් අනවශ්‍ය වියදම් ඇතුළු විවිධ කරුණු හේතුවෙන් 2021 වර්ෂයේදී රුපියල් පන් කෝටි තිස් දෙලක්ෂයකට වැඩි මුදලක් පාඩු ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන්වේ.

මින් ඔසුසල් 10ක පාඩුව ඊට පෙර වසරට සාපේක්ෂව සියයට 15 සිට 175ක් දක්වා පරාසයකින් ඉහළ ගොස් තිබූ බවද එම වාර්තාවේ දැක්වෙයි.

මේ අතර 2020 වර්ෂයේදී ලාභ ලබා තිබුණු රත්නපුර, ශ්‍රී ජයවර්ධනපුර රෝහල, බණ්ඩාරගම හා මොණරාගල ඔසුසල් හතර 2021 වර්ෂයේදී පාඩු ලබා තිබූ බවත් ඔසුසල් නමයක් 2020 වර්ෂයේ ලබා තිබූ ලාභය සියයට 5.7 සිට සියයට හත්දාස් හාරසිය එකොළහක් දක්වා පරාසයකින් 2021 වර්ෂයේදී අඩුවී තිබූ බව නිරීක්ෂණයවී යැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

මේ සම්බන්ධයෙන් විගණන කාර්යාලයට පිළිතුරුදී ඇති රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ පාලනාධිකාරිය ප්‍රකාශ කර ඇත්තේ
කොව්ඩ් තත්වය හේතුවෙන් මෙම පාඩු ඇතිවූ බවයි.

ඔසුසල් කාර්ය මණ්ඩලයේ කිසිදු සංඛ්‍යාත්මක වෙනසක් 2020 වර්ෂයට සාපේක්ෂව 2021 වර්ෂයේදී සිදු වී නොතිබුණු නමුත් කාර්ය මණ්ඩල වියදම් සියයට 10 සිට සියයට 32ක් දක්වා පරාසයකින් වැඩිවී තිබූ බව විගණන අංශ පෙන්වා දෙයි.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔසුසලේ කාර්ය මණ්ඩල වියදම් ඉකුත් වසරට වසරට සාපේක්ෂව 2021 වසරේදී ලක්ෂ 47කට වැඩි මුදල කින් ඉහළ ගොස් තිබූ අතර එය එම ඔසුසලේ අලාභය කෙරෙහි ඍජුව බලපා තිබූ බව විගණන කාර්යාලය සඳහන් කළේය.

මේ අතර දඹුල්ල ඔසුසල 2021 වර්ෂයේදී රුපියල් ලක්ෂ පනස් පනස් නවයකට වැඩි මුදලක් පාඩු ලබා තිබූ බව පවසන විගණන නිලධාරීහු එය ඔසුසලක් ලැබූ වැඩිම පාඩුව බවද ප්‍රකාශ කළේය.

වෛද්‍ය සැපයුම්වලට හානිවීම සහ කල් ඉකුත්වීම ඒ අලාභයට ප්‍රධාන වශයෙන් හේතුවූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *