ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල් දැමීම ගැන එරට මහාධිකරණය දුන් නියෝගය

ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල් දැමීම ගැන එරට මහාධිකරණය දුන් නියෝගය

ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල් දැමීම ගැන එරට මහාධිකරණය දුන් නියෝගය

ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය කල් දැමීමට ලබා දී තීන්දුව අවලංගු කිරීමට එරට මහාධිකරණය පියවර ගෙන තිබෙනවා.

2024 වසරේ දී පැවැත්වීමට නියමිත ඉන්දුනිසියාවේ ජනාධිපතිවරණය හා මහමැතිවරණය වසර දෙකකින් කල් දමන ලෙස එරට අධිකරණයක් පසුගියදා නියෝග කළා.

කෙසේ වුවද ජකර්තා මහාධිකරණය සඳහන් කරන්නේ එවැනි නියෝගයක් ලබාදීමට සාමාන්‍ය අධිකරණයට කිසිඳු න්‍යෛතික බලයක් නොමැති බවයි.

මහාධිකරණ තීන්දුවත් සමඟ අස්‍ථාවරව තිබු ඉන්දුනිසියාවේ දේශපාලන තත්ත්වය යම් තරමකට ස්ථාවරව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

එමෙන්ම සුදානම් කර තිබු පරිදි 2024 වසරේ දී ජනාධිපතිවරණය හා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව හිමි වනවා.

මේ අතර එරට ජනාධිපති ජොකෝ විඩෝඩෝගේ පාලනය කාලයද ලබන වසරේ දී අවසන් වන අතර ජනාධිපතිවරණයෙන් නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *