නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට නව බස් රථ

0
ලංගමට නව බස් රථ 600ක් ආනයනයට සැලසුම්

ලංගමට නව බස් රථ 600ක් ආනයනයට සැලසුම්

ඉන්දීය රජය විසින් ණය ආධාර යෝජනාක්‍රමය මගින් ලබාදුන් නව බස් රථ නුවරඑළිය හා මහනුවර දිස්ත්‍රික්කවල ලංගම ඩිපෝවලට (09) බෙදා දුන්නා.

බස් රථ බෙදා දීමේ උත්සවය පැවැත්වුණේ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ග්‍රෙගෙරි වැව උද්‍යානයේදීයි.

ඒ අනුව නව බස් රථ 26ක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්, නුවරඑළිය, කොත්මලේ, වලපනේ, හඟුරන්කෙත සහ මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය හා ගම්පොල යන ඩිපෝ සඳහා ලබා දුන්නා.

එම නව බස් රථ වතුකරයේ හා ග්‍රාමීය මාර්ගවල ධාවනය කිරීමට යොදා ගැනීමට නියමිත අතර ග්‍රාමීය හා වතු අභ්‍යන්ත්‍රර ජනතාවට විධිමත් ප්‍රවාහන පහසුකම් ලබාදීම මෙහි අරමුණ බව සඳහන්.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com