අනූව දශකයේ ලාංකීය දරුවන්ගේ ප්‍රියතම නළුවාගෙන් සිය ෆේස්බුක් ගිණුමේ තැබූ අපූරු සටහනක්

අනූව දශකයේ ලාංකීය දරුවන්ගේ සිත් සොරාගත් රොබොන්සන් අන්දරයේ සහ විලියම් ටේල් හී රඟ පෑ ඒ ආදරණීය කඩවසම් නළුවා කිරන් හචිසන් ලංකාවේ ප්‍රේක්ෂකයන් ගැන සිය ෆේස් බුක් ගිණුමේ තැබූ අපූරු සටහනේ සිංහල අනුවාදයයි මේ

“අනූව දශකයේ ශ්‍රී ලාංකිය දරුවනි! මම ඔයාලා හැමෝගේම කමෙන්ට් දකිනවා. තවද ඔබගෙන් 5000 ක් පමණ පසුගිය සතියේ මෙම පිටුව ෆලෝ කළ අතර එය මගේ හදවත ලොකු සතුටක් එක් කළා. ඔබගේ ආදරණීය පණිවිඩ වලට බෙහෙවින්ම ස්තූතියි. ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන් (රොබින්සන් අන්දරය) සහ ද ලෙජන්ඩ් ඔෆ් විලියම් ටෙල් මගේ ජීවිතයේ වැදගත් කොටසක් නියෝජනය කරනවා.මම නවසීලන්තයේ සුන්දර ස්ථාන කරා ගමන් කරන විට. මේ කතා මාලාවන් නරඹමින් හැදී වැඩුණු අය හමුවන විට මට විට ඒ කතා මාලා මට වඩාත් විශේෂ වෙනවා. බොහොම ස්තූතියි 😊”

හචිසන් නසීලන්ත ජාතික නළුවකුවන අතර ඔහු 1997 විකාශය වූ ඇඩ්වෙන්චර්ස් ඔෆ් ස්විස් ෆැමිලි රොබින්සන් කතා මාලාවෙන් සහ 1998 වර්ෂයේ විකාශය වූ ද ලෙජන්ඩ් ඔෆ් විලියම් ටෙල් කතා මාලාවෙන් ලොව පුරා ප්‍රේක්ෂක හදවත් දිනා ගැනීමට සමත්විය.

එම කතා මාලාවන් දෙක ජාතික රූපවාහිනිය ඔස්සෙ විකාශය වීමත් සමඟ මෙරට ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගැනීමට ඔහුට හැකිවිය.

  • From Nu facebook page

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *