2021 අප්‍රේල් මාසයෙන් පසු ප්‍රථම වතාවට මසක් තුළ විදෙස් ශ්‍රමිකයන් ඇ. ඩො. මි 500 ඉක්මවූ මුදලක් එවයි

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මසක් තුළ මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය 2021 අප්‍රේල් මාසයෙන් පසුව ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව ඉක්මවා තිබේ.

මෙම වසරේ මාර්තු මස ඇමෙරිකානු ඩොලර් මිලියන 568.3ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 500 සීමාව පසු කරනු ලැබුවේ 2021 වසරේ අප්‍රේල් මාසයෙන් පසුව වීම විශේෂත්වයකි. පසුගිය වසරේ මාර්තු මාසයට සාපෙක්ෂව එය සියයට 78.5ක වැඩි වීමකි.

එසේම මෙම වසරේ ජනවාරි සිට මාර්තු මස දක්වා කාලය තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා ඇති මුදල් ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 1000 ඉක්මවා ඇත.

මෙම වසරේ පළමු මාස තුන තුළ විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 1413.2ක වටිනාකමින් යුත් මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ඒවා තිබේ.එය පසුගිය වසරේ පළමු මාස තුනට සාපේක්ෂව එය සියයට 80.6ක වැඩි වීමකි. පසුගිය වසරේ පළමු මාස තුන තුළ විදෙස් ගතවී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඒවා තිබුණේ ඇමෙරිකානු ඩොලර් මිලියන 782.5ක් පමණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *