ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අළෙවිය තහනම්; සියලු පිරවුම්හල් 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතුයි

ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121 ගැන විමර්ශනයක්

ඉන්ධන ඇනවුම් නොකළ පිරවුම්හල් 121 ගැන විමර්ශනයක්

Q.R.කේතයට පටහැනිව දිගින් දිගටම ඉන්ධන අළෙවිය කළ ඉන්ධන පිරවුම්හල් 40ක ඉන්ධන අළෙවිය තහනම් කළ බවත් සියලුම ඉන්ධන පිරවුම්හල් ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම සියයට 50ක ඉන්ධන තොග පවත්වාගෙන යායුතු යැයි කොන්දේසියක් පැනවූ බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් G.P.S උපාංගය සවි කිරීම මේ මස 15 වැනිදා වන විට අවසන් කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමග (06) පැවැති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී මෙම තීරණවලට එළඹ තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *