රටවල් රැසක පරිගණක අපරාධ මෙහෙයවූ චීන ජාතිකයින් 38ක් මෙරටදී අත්අඩංගුවට

රටවල් රැසක පරිගණක අපරාධ මෙහෙයවූ චීන ජාතිකයින් 38ක් මෙරටදී අත්අඩංගුවට

රටවල් රැසක පරිගණක අපරාධ මෙහෙයවූ චීන ජාතිකයින් 38ක් මෙරටදී අත්අඩංගුවට

අලුත්ගම ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක රැඳී සිටිමින් රටවල් රැසක පරිගණක අපරාධ මෙහෙයවූ චීන ජාතිකයින් තිස් අට දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අලුත්ගම පොලිසියට හැකිව තිබෙනවා.

පොලිසියට ලද තොරතුරක් මත ශ්‍රී ලංකා චීන තානාපති කාර්යාලයේද සහයෝගය ඇතිව මෙම වැටලීම සිදුකළ බවයි අලුත්ගම පොලිසිය පවසන්නේ.

ස්ථානීය පරික්ෂාවේදී පරිගණක 40ක් සහ ජංගම දුරකථන 120ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු මත වෙනත් ස්ථානයක සිට මෙම අපරාධ සඳහා සම්බන්ධ වූ තවත් දසදෙනෙක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සියලු සැකකරුවන් මේ වන විට අධිකරණයට ඉදිරිපත්කර ඇති බවයි සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *