කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනූව උද්ධමනය පහළට

ජාතික උද්ධමනය 0.8% කට බසී

ජාතික උද්ධමනය 0.8% කට බසී

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මාර්තු මස සමස්ත උද්ධමනය සියයට 50.3ක් දක්වා පහත වැටී ඇතැයි ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව පවසයි.

මාර්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 47.6ක් දක්වාද, පහත වැටී ඇති බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව කියයි.

පෙරවාරි මස සමස්ත උද්ධමනය සියයට 50.6ක්ද, එම මස ආහාර උද්ධමනය සියයට 54.4ක්ද, වූ බවත් ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 50ට අඩු ප්‍රතිශතයකට පත්ව ඇත්තේ පසුගිය වසරේ අප්‍රේල් මාසයෙන් පසුව බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

පෙරවාරි මස සියයට 48.8ක්ව පැවැති ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 51.7ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් නිවාස, ජල, විදුලි සහ ගෑස් උප කාණ්ඩයේ උද්ධමනය සියයට 24.3 සිට සියයට 42.3ක් දක්වා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති බවත් ජනලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *