අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු අත්අඩංගුවට

කළුතර සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය කළ බව පැවසූ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

කළුතර සිසුවියන් 16 දෙනෙකු පමණ අපයෝජනය කළ බව පැවසූ උපකාරක පන්ති ගුරුවරයා අත්අඩංගුවට

ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයට අනුබද්ධ මහනුවර වීසා මධ්‍යස්ථානයේ වෙබ් අඩවියට හොර රහසේ ඇතුළු වී අධික මුදලකට ඉන්දියන් වීසා නිකුත් කළ සංවිධානාත්මක ජාලයක මහ මොළකරු වන දත්ත සැපයුම්කරු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරු සමඟ එම මහා පරිමාණ වංචාව සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඉන්දියන් වීසා බලපත්‍ර වැඩි මිලට අලෙවි වන බවට බම්බලපිටිය තුම්මුල්ල පිලිප් ගුණවර්ධන මාවතේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රධාන දේශීය නියෝජිතවරියට ලද රහසිගත තොරතුරක් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබාදීමෙන් අනතුරුව එහි සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒකක හය ස්ථානාධිපති පරීක්ෂක දුමින්ද ජයතිලක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස සැකකරු පිළිබඳ තොරතුරු අනාවරණය කර කරගැනීමට කර ගැනීමට හැකි වී ඇත.

ප්‍රධාන සැකකරු වන දත්ත සැපයුම්කරුගේ දුරකථන අංකයක් ඔස්සේ ඉතා සූක්ෂම ලෙස විමර්ශන සිදුකර ඉන්දියන් වීසා ලබා ගැනීමට අවශ්‍ය බවට සැකකරු හා දුරකථනයෙන් පොලිස් උපාය දූතයකු සම්බන්ධ වී ආවේක්ෂණ රාජකාරි සිදු කරමින්. තොරතුරු හුවමාරු කරගෙන මහනුවර වත්තේගම උත්සව ශාලාවක මංගල උත්සවයට සහභාගී වෙමින් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *