ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑ පැටවුන් (Leatherback Turtle) බිහිවීමේ දුර්ලභ අවස්ථාවක්

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑ පැටවුන් (Leatherback Turtle) බිහිවීමේ දුර්ලභ අවස්ථාවක්

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑ පැටවුන් (Leatherback Turtle) බිහිවීමේ දුර්ලභ අවස්ථාවක්

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑ පැටවුන් Leatherback Turtle (Dermochelys coriacea) දකුණු වෙරළ තීරයේදී බිහිවීමේ දුර්ලභ අවස්ථාවක් වසර ගණනාවකට පසුව උදා වූ බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මාතර, ලැන්ටන් වෙරළ තීරයේදී වනජීවී නිලධාරීන් පෞද්ගලික අංශයේ ද සහයෝගය ඇතිව පවත්වාගෙන යනු ලබන කැස්බෑ අභිජනන මධ්‍යස්ථානයේදී මීට මාස 2කට පෙර අභිජනනය කරන ලද දාර කැස්බෑ බිත්තර 80කින් (24) පැටවුන් 45 දෙනකු පමණ බිහිවී තිබේ. මෙලෙස බිහි වූ දාර කැස්බෑ පැටවුන් එදිනම රාත්‍රියේදී ලැන්ටන් මුහුදු තීරයෙන් සහ රැකව මුහුදු තීරයෙන් මුදා හැරීමට වනජීවී නිලධාරීන් කටයුතු කර ඇත.

ලෝකයේ විශාලතම කැස්බෑ විශේෂය වන දාර කැස්බෑවා ශ්‍රී ලංකාවේ වෙරළ තීරයේදී දැක ගැනීමට හැකි වීම මත වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයට පත් කළ ‘Top Seven Wild Sri Lanka’හි සතුන් 7 අතරටද මේ කැස්බෑ විශේෂය අයත් වේ.

මේ දිනවල දකුණු වෙරළ තීරයේ බිත්තර දැමීමට කොළ කැස්බෑවා සහ බටු කැස්බෑවා පැමිණීම බහුලව දක්නට ලැබෙන අතර, මොවුන් වරකට බිත්තර 100කට අධික ප්‍රමාණයක් දමයි.මහත් වෙහෙසක් දරා මේ සත්ත්ව විශේෂයන්ගේ බිත්තර සංරක්ෂණය කිරීම ලෝකයේ වඳ වී යෑමේ තර්ජනයට ලක්ව සිටින ජීවී විශේෂයක් වන කැස්බෑවන්ගේ දිගු කාලීන පැවැත්ම තහවුරු කිරීමට උපකාරී වන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

– dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *