රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි, බෙලරූස් හි ස්ථානගත කිරීමට දෙරටේ නායකයින් එකඟ වේ

රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි, බෙලරූස් හි ස්ථානගත කිරීමට දෙරටේ නායකයින් එකඟ වේ

රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි, බෙලරූස් හි ස්ථානගත කිරීමට දෙරටේ නායකයින් එකඟ වේ

රුසියානු උපායමාර්ගික න්‍යෂ්ටික අවි, අසල්වැසි බෙලරූස් රාජ්‍යයේ ස්ථානගත කිරීමට දෙරටේ නායකයින් එකඟ වී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් සහ බෙලරූස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලූකශේන්කෝ ඒ පිළිබඳව කළ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුව එම තීරණයට එළැඹි බවය.

මෙම එකඟතාවයෙන් න්‍යෂ්ටික අවි පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි කිසිවක් කඩ නොකරන බව රුසියානු ජනාධිපතිවරයා අවධාරණයකර ඇත.

ඔහු පෙන්වා දෙන්නේ අමෙරිකාවද බෙල්ජියම, නෙදර්ලන්තය, තුර්කිය ඇතුළු රටවල් කිහිපයක න්‍යෂ්ටික අවි ස්ථානගත කර ඇති බවය.

විශාල භුමි ප්‍රමාණයක් එකවර විනාශ කිරීමට අදාළ උපායමාර්ගික න්‍යෂ්ටික අවිවලට හැකියාවක් නොමැති බව, විදෙස් වාර්තාවල සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *