වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් ප්‍රවාහනයේ දී විනාශ වේ

වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් ප්‍රවාහනයේ දී විනාශ වේ

වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් ප්‍රවාහනයේ දී විනාශ වේ

ශ්‍රී ලංකාවේ වාර්ෂිකව එළවළුවලින් සියයට 19ක් හා පළතුරුවලින් සියයට 21ක් ප්‍රවාහනයේ දී විනාශ වන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

නිසි ප්‍රවාහන කටයුතු අනුගමනය නොකිරීම නිසා මෙලෙස පාරිභෝජනයට ගත නොහැකිව විනාශ වන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීය. ඒ අනුව වාර්ෂිකව එළවළු මෙට්‍රික් ටොන් 221,955ක් පමණ හා පළතුරු මෙට්‍රික් ටොන් 290,151ක් පමණ ප්‍රමාණයක් ප්‍රවාහනයේ දී විනාශ වන බව හෙළිදරව් වී ඇත.

ශ්‍රී ලංකාවේ පසු අස්වනු හානිය ඉතාමත් ඉහළ මට්ටමක පවතින බවත්, ලබන අස්වනු වලින් සියයට 40කට ආසන්න ප්‍රමාණයක් පසු අස්වනු හානිය නිසා රටට අහිමිවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

2021 දී මෙලෙස ලංකාවෙි අපතේ ගිය ආහාර ප්‍රමාණය සලකා බැලූ විට එය තවත් පුද්ගලයින් මිලියන 10කට ආහාර සැපයීමට තරම් ප්‍රමාණවත් බව ආහාර සුරක්ෂිතතාවය පිලිබඳ විශ්ව විද්‍යාල කිහිපයක ආචාර්ය මහාචාර්යවරුන් සමග කෘෂිකර්ම අමාත්‍යවරයා කළ සාකච්ඡාවකදී අනාවරණය වී ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *