මුදල් අමාත්‍යාංශ ලේකම්ට එරෙහිව අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් පෙත්සමක්

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

පොලිස් නිලධාරීන්ගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අවසර

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කෙරුණා.

පළාත් පාලන ඡන්දයට අයවැයෙන් වෙන්කළ මුදල් රදවාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගවලට එරෙහිවීම තුළින් අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමිනුයි මෙම පෙත්සම ඉදිරිපත් කෙරුණේ.

මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව මෙම පෙත්සම ඉදිරිපත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතායි.

මේ තුළින් අධිකරණයට අපහාසයක් කළ බවට තීන්දුකර ඔහුට දඩුවම් පනවන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

ඡන්දය පවත්වන ලෙස ඉල්ලමින් සමගි ජනබලවේගයේ මහලේකම්වරයා ඉදිරිපත් කළ මුලික පෙත්සමක් විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා වෙත අදාළ අතුරු නියෝගය පැනවූ බවද පෙත්සමේ සඳහන්.

එහෙත් අදාළ ප්‍රතිපාදන මුදා හැරීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා තවමත් ක්‍රියාකර නැති බවටයි පෙත්සමෙන් චෝදනා කර ඇත්තේ.

අදාළ නියෝගය පරිදී කටයුතු කරන ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නියෝග කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *