දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව ක්‍රියාත්මකයි

පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යළි සිහිකැඳවීමක්

පාසල් ප්‍රධානීන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් යළි සිහිකැඳවීමක්

දිවයිනෙහි සියලුම ජාතික පාසල්වල දස අවුරුදු හා වාර්ෂික ගුරු ස්ථාන මාරුවීම් දැනට ලබා දී ඇති නිර්දේශ අනුව, ලබන මස 17 දින සිට ක්‍රියාත්මක කරන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කළා.

අ.පො.ස (සා/පෙළ) හා (උ/පෙළ) පන්තිවල ඉගැන්වීම් සිදු කරන ගුරුභවතුන්ගේ ස්ථානමාරු හේතුවෙන් දරුවන්ට යම් අගතියක් වේ නම් ඒ සම්බන්ධව විදුහල්පති මගින් ඉදිරිපත් කරන අභියාචනා විශේෂ අභියාචනා කමිටුවකින් නැවත සළකා බලනු ලබන බවද සඳහන්.

එසේම මෙතෙක් ලබා දී ඇති සියලුම තාවකාලික අනුයුක්ත ජුනි මස 30වන දින දක්වා දීර්ඝ කරන බවත්, එදිනට පෙර ස්ථානමාරුවක් ලද ගුරුභවතුන් ස්ථාන මාරු ලිපිය ලැබුණු වහාම ඒ අනුව කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යංශය වැඩි දුරටත් සඳහන් කළා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *